← මුල් පිටුව

භාවිත නියමයන්

දිවිතරු සේවාව භාවිත කිරීමේ මූලික නියමයන්.

නොමිලේ භාවිත සීමාව

එක් ගිණුමකට කේන්දර පැතිකඩ 4ක් දක්වා සහ පොරොන්දම් ගැළපීම් 2ක් දක්වා නොමිලේ ලබාගත හැක. සුරැකි ප්‍රතිඵල නැවත බැලීමෙන් එම සීමාව නැවත අඩු නොවේ.

නිවැරදි තොරතුරු

නිවැරදි උපන් දිනය, නිවැරදි උපන් වේලාව සහ උපන් ස්ථානය ලබාදීම භාවිතා කරන්නාගේ වගකීමයි. වැරදි හෝ අසම්පූර්ණ තොරතුරු ලබාදුනහොත් ප්‍රතිඵල වෙනස් විය හැක.

වෙනත් පුද්ගලයන්ගේ තොරතුරු

වෙනත් පුද්ගලයෙකුගේ තොරතුරු ඇතුළත් කරන විට ඒ සඳහා අවශ්‍ය අවසරය ඔබ සතුව තිබිය යුතුය.

අයුතු භාවිතය

ව්‍යාජ ගිණුම් සෑදීම, සේවාවට බාධා කිරීම, අයුතු ලෙස බහුල භාවිතය හෝ වෙනත් අනවසර ක්‍රියා තහනම් වේ. අවශ්‍ය අවස්ථාවල එවැනි ගිණුම් සීමා කිරීමට හෝ අත්හිටුවීමට හැක.

වෙළඳ දැන්වීම්

නොමිලේ සේවාව පවත්වාගෙන යාම සඳහා වෙබ් අඩවියේ වෙළඳ දැන්වීම් පෙන්විය හැක.

සේවාවේ වෙනස්කම්

නොමිලේ භාවිත සීමා, සේවා කොන්දේසි හෝ ලබාදෙන පහසුකම් අවශ්‍ය අවස්ථාවල වෙනස් කළ හැක.